Skip to main content

Posts

Featured

සරණාගත ගැළවුම්කාරයා සමඟ 2021 පාස්කුව!

  මේ බ්‍රහස්පතින්දාව අනෙක් බ්‍රහස්පතින්දාවන් වලින් වෙනස් වන්නේ කෙසේදැයි මම මගෙන් අසමි! සෑම සතියකම එක් වතාවක් අපට බ්‍රහස්පතින්දාවක් මුණගැහේ. සුපුරුදු පැරණි මිතුරෙකු සේ ඒ සෑම වාරයකම බ්‍රහස්පතින්දා අප වෙත පැමිණ, පුරා පැය විසිහතරක් අප හා සමඟ හිඳ නික්ම යයි.  එහෙත් මේ බ්‍රහස්පතින්දාව, එනම් 2021 අප්‍රේල් පළමුවෙනිදා අප හමුවට ආ බ්‍රහස්පතින්දාව අප සමඟ මදක් වැඩියෙන් නතරව ඇති බවක් හැඟේ.  පාස්කුවට අදාළ දේවධර්මයත් ජනවන්දනාවත් සියල්ල අර්ථ විරහිතව යන්නේ වෙන කිසිවක් නිසා නොව, මේ සවස්වරු බෙදාගන්නට මිනිසුන් අප හා සමඟ නොමැති වූ විට බව මම දනිමි. මේ බ්‍රහස්පතින්දාවේ හද පාරන මුල්ම සිතිවිල්ල වූයේ මගේ මිනිසුන් යනුවෙන් මා දන්නා අය මා අසළ නොසිටීමයි. අම්මා, මල්ලි හා සමඟ මහ බ්‍රහස්පතින්දාවන් 25ක් මම ගෙවා ඇත්තෙමි. නිරාහාර ශීලය රැකීම සහ ගොඩමස් අනුභවයෙන් වැළකීම වැනි කාරණා අරභයා අප අතර ඇතිවන විවාද, නිසි වේලාවට නිවසින් පිටව පල්ලියට යෑම, මහ බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවෙන් පසු පැවැත්වෙන නීරස ශුද්ධවූ පැයවලට සහභාගී වීම යනාදී කාරණා අරභයා අප අතර හටගන්නා විවාද සහ ආරවුල් මේ වසරේ මට ලැබෙන්නේ නැතිය. එහි අඩුව මෙතරම් තදින් දැනීම අප

Latest Posts

මට ඔබව පෙනේ....!

I look outside my window!

ඉරණතිව් හී සිට ආ සත්‍යා

ඒ දෙදෙන අතර මැද මම...!

Too Late!!

බාණ කුසුම්!