අනෙකාගේ නම...!


 දවසක් මගේ ප්රධානියා හෙවත් බොස් මට වැරදීමකින්,

ටිරෝන් කියලා කතා කරා. මගේ නම ටයිරන්. එයා එයාගෙ අතින් වුණු ඒ වරද නිවැරදි කරන්න කියලා මගෙන් සමාව ඉල්ලලා, මට දවල් කෑමත් ගෙනත් දුන්නා. ඇත්තටම මම ඒ ගැන දෙපාරක් හිතුවෙ නැහැ. මට දැන් හුරුයි එක එක අය, මට එක එක නම් කියලා කතා කරන එක. ටයි කියන කොටස ඉස්සරහට දාලා එක එක මිනිස්සු මට එක එක නම් කියනවා. මට ඒ නිසාම ගාණක් නෑ. ඒත් මේ සිද්ධියෙන් පස්සෙ මම දැක්කා මගේ බොස් ඇගේ කාමරේ ගහගෙන හිටපු එක්තරා පොඩි සටහනක්. ඒක දැක්කම මට හරිම විශේෂ හැඟීමක් දැනුණා. මේ තියෙන්නේ ඒ සටහන.
" මගේ හෙද පුහුණුවේ දෙවෙනි වසරෙදි, අපේ මහාචාර්යතුමෙක් අපිට පෙර දැනුම් දීමකින් තොරව පොඩි විභාගයක් ( pop quiz) දුන්නා. මම ස්වාභාවයෙන්ම දක්ෂ ශිෂ්යයෙක්. ඒ නිසා මම ඉතාම පහසුවෙන් සහ වේගයෙන් මේ ප්රශ්න ටිකට උත්තර ලියාගෙන ගියා අන්තිම ප්රශ්නෙට වෙනකන්. අන්තිම ප්රශ්නෙ දැක්කම තමයි මාව හිර වුණේ.
'පාසල සුද්ධ පවිත්ර කරනා කාන්තාවගේ මුල් නම කුමක්ද?'
අන්න ඒක තමයි අවසන් ප්රශ්නෙ. මේක අනිවාර්යයෙන්ම මොකක් හරි විහිළුවක් බව අපි දැන ගත්තා.
මම මේ ගෑණු කෙනාව කිහිපවතාවක් දැකලා තිබ්බා. ඇය උස, කළු කොණ්ඩයක් තියෙන, වයසින් නම් පනස් ගණන්වල හිටපු ගැහැණියක් බව මට විශ්වාසයි. ඒත් මම කොහොමද එයාගෙ නම දන්නෙ? ඒ නිසා ඒ ප්රශ්නෙට විතරක් හිස්තැනක් තියලා මම මගේ ප්රශ්න පත්තරේ බාර දුන්නා.
එදා පන්තිය අවසන් වෙන්න කළින් එක ශිෂ්යයෙක් අපේ මහාචාර්යවරයගෙන් ඇහුවා " පේපර් එකට ලකුණු දෙද්දි මේ අන්තිම ප්රශ්නෙත් අදාළ වෙනවද?" කියලා. එතකොට මහාචාර්යතුමා කිව්වා
"ඔව් අනිවාර්යයෙන්ම" කියලා. ඊටපස්සෙ එයා මෙහෙම කිව්වා,
" ඔයාලගෙ වෘත්තීය ජීවිතේදී ඔයාලට ගොඩාක් අයව මුණගැහේවි. ඒ හැමකෙනෙක්ම එක හා සමානව වැදගත්. ඒ හැම කෙනෙක්ම ඔයාලගෙ අවධානය සහ සැලකිල්ල ලබන්න සුදුසුයි. සමහරවිට ඔයා කරන්නෙ පොඩ්ඩක් හිනාවෙලා, හලෝ කියලා කියන එක විතරක් වෙන්න පුළුවන්. ඒත් ඒක වැදගත් මොකද ඒ හැම මනුස්සයෙක්ම වැදගත් නිසා"
ඉතින් මට ඊටපස්සෙ කවදාවත් ඒ පාඩම අමතක වුණේ නැහැ. ඒ වගේම මම ඉගෙන ගත්තා ඇගේ නම 'ඩොරති' කියලා.
---
මේක තමා ඒ සටහන. මට දැනෙනවා මම විශේෂයි කියලා. ඒ මගේ බොස් මගේ නමට දෙන්න හදපු වටිනාකම නිසා. මේක විශාල පාඩමක් කියලත් මට හිතෙනවා. ඒ, හැමකෙනෙක්ම වටින නිසා. ඉතාම සුළුයි කියලා අපි හිතනා තැනැත්තා පවා!
💫
උපුටාගැනීම: ලින්ඩි මිල්
අනුවර්තනය : ෂෙනූ පෙරේරා

Comments

Popular Posts